25.4 C
Colombo
July 26, 2025
International NewsNews

ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.

බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ  ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව ටජ්මහල නැරඹීම සඳහා අවස්ථාව උදාවන අතර එක් ටිකට්පතක වලංගු කාලය පැය තුනකට සීමා කර තිබෙනවා.
හින්දුස්තාන් ටයිම්ස් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව දිනකට 60,000-70,000 අතර පිරිසක් ටජ්මහල නැරඹීමට පැමිණෙන බව සොයාගෙන තිබෙනවා. එසේම පසුගිය මාස කිහිපයේදී සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකගත හැකිවූ බවද එරට මාධ්‍ය පවසනවා.
කෙසේ නමුත් මෙම තීරණය නිසා ටජ්මහල මගින් උපයන ආදායමට අහිතකර බලපෑමක් එල්ලන බවද සඳහන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා’ – ජවිපෙ

Shiran Viraj

විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි

Shiran Viraj

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj