25.4 C
Colombo
July 26, 2025
NewsPolitical

බැඳුම්කර වාර්තාවෙන් ‘එජාපයේ කීර්ති නාමයට’ හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්න

බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඊයේ (03) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම වාර්තාව මගින් එක්සත් ජාතික පක්ෂයේ කීර්තිනාමයට හානියක් සිදුව ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. ඊට ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වුවා.
එහිදී සඳහන කෙරුණේ, “හොරකම් කරන මිනිස්සුන්ට පක්ෂයක්..පක්ෂ භේදයක් නෑ.. මොනා හරි දේශපාලන පක්ෂයකට මේ මිනිස්සු අයිති වෙනවා.. මෙම කරුණේදී දේශපාලන පක්ෂයකට වඩා මේකට සම්බන්ධ වෙච්ච පුද්ගලයින්ටයි ඇඟිල්ල දිගු කරන්න ඕනේ. ඔවුනුයි ඔවුන්ට ඕන දේශපාලන පක්ෂය හොයාගෙන එන්නේ.” යනුවෙනි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට මෙම වාර්තාව මගින් එල්ල වී ඇති චෝදනා පිළිබඳ තමන් කණගාටුවන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියා.
(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)

Related posts

ECT උණුසුම මැද ඉන්දීය පසමිතුරු පාකිස්තාන අගමැති ලංකාවට.. පාර්ලිමේන්තුවත් අමතයි..

Shiran Viraj

ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..

Shiran Viraj

IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

Shiran Viraj