26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව යුද හමුදාව පවසයි.
දෙමළ පාසල් සිසුන්ට යුද හමුදා පුහුණුවක් අනවශ්‍ය බව කියමින් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍ය බට පුහුණුව සඳහා පාසල් ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබුණි.
නමුත් මේ වසරේ ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය යාපනයේ මධ්‍ය  මහා විද්‍යාලය හා කිළිනොච්චියේ උරුතිරපුරම් මහා විද්‍යාල පුහුණු කටයුතු සදහා ලබා දී තිබේ.
යුද හමුදාවට අවශ්‍ය සියළුම පහසුකම් සලසා දෙන මෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පති වරුන්ට දැණුම් දීමෙන් පසුව පසුගියදා එම පාසල් වල ශිෂ්‍ය භටයින් පුහුණු කිරීමේ කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කොට තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාල වකවාණුවේදී උතුරේ පාසල් වල ශිෂ්‍ය භට පුහුණු කටයුතු තහනම් කොට තිබූ අතර කැඩෙට් නිලධාරීන් වශයෙන් පුහුණුව ලබා සිටි උතුරේ ගුරුවරුන්ටද එම සේවා කටයුතු වලින් ඉවත් වන ලෙස එල්.ටී.ටී.ඊ.සංවිධානය නියෝග කොට තිබුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Shiran Viraj

වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..

Shiran Viraj

අලුත් හමුදාපති මෙන්න..

Shiran Viraj