31.1 C
Colombo
June 9, 2025
Local News News

ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයි

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා පීඩනයට පත්කර ඇති බව සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටී.
එම පාසලට සිසුවියක ඇතුළත් කිරීමට බලපෑම් කළ බව කියන සිද්ධියක්‌ දුරදිග යාමෙන් මෙය සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්‌ යොමු කරමින් ඉල්ලීමක්‌ කොට ඇත.
එම දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා අදාළ සිසුවියගේ දෙමව්පියන් විසින් මහ ඇමතිගෙන් ලද ලිපියක්‌ රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස්‌ ඇති අතර විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්‍ෂේප කරමින් තමන් දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක්‌ තමන් කටයුතු කරන බවත් පවසා තිබේ.
මේ බව එම දෙමව්පියන් විසින් ඇමතිවරයා වෙත දැන්වීමෙන් පසුව ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස ඇයට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන තිබේ.
මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසන ශිෂ්ට සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක්‌ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හැඟීම බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක්‌ ගන්නා මෙන් තමන් ඉල්ලා සිටින බවත් කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කොට ඇති ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝසප් ස්ටාලිං මහතා අවධාරණය කර සිටින්නේ,විදුහල්පතිවරුන්ට , ගුරුවරුන්ට මේ ආකාරයේන් එල්ල වන පීඩන තාඩන දැඩිව හෙළා දකින බවත් ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතු බවත් මෙවැනි අත්තනෝමතික ක්‍රියාවල යෙදෙන්නන්ට විරුද්ධව පියවර ගත යුතු බවත්ය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Shiran Viraj

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Shiran Viraj

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

Shiran Viraj