April 12, 2026
Local NewsNews

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එබැවින් එදින ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිසම පෙන්වා දෙයි.
අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළට ඇති දුර සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයේ නිවාඩු ලබාදිය යුතුය.
සේවකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සහ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් , එහිදී මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසුව වරදකරු වුවහොත් රුපියල් 500 නොයික්මවන දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් කෙරෙන බව මැතිවරණ කොමිසම කියා සිටී.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර

Shiran Viraj

සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..

Shiran Viraj

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj