April 8, 2026
News

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ අනාගත සභාපති සහ උප සභාපති කවුරුන්ද යන්න පක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13)  පැවැති රැස්වීමේදි තීරණයක් ගත් බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන අද (14) මාධ්‍ය වෙත සඳහන් කළා.
ඒ අනුව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවට මෙවර පොදුජන පෙරමුණින් තරග කරන ලද කේ.ජි පියතිස්ස සභාපති ලෙසත් උප සභාපති තනතුර වෙනුවෙන් එ.ජ.නි.ස හිගුල්ඔය කොට්ඨාශයෙන් තරග කරන ලද එම්.එස්.එම් කාමිල් තෝරා ගත් බවත් සඳහන් කළා.
හිටපු පළාත් සභා මන්ත‍්‍රී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාවනැල්ල ප‍්‍රධාන සංවිධායක ඉදුනිල් ශාන්ත ගුණසේන සහ එ.ජ.නි.ස. හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අතර පැවැති දිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයන්ට එළඹ තිබෙනවා.
මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රීධූර 16 බැගින් ලබා ගෙන තිබුණා. ඒ අනුව සභාවේ බලය පිහිටුවීමට එ.ජ.නි.ස. සමග මෙම පක්ෂ දෙකෙන් එක් පක්ෂයකට සන්ධාන ගත වීමට සිදුවන බැවින් ඒ අනුව මෙම සන්ධාන ගත වීමේදී එ.ජ.නි.ස. විසින් පොදුජන පෙරමුණට සන්ධාන ගත වීමට කැමැත්ත පළ කර තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එ.ජ.නි.ස. සන්ධාන ගතව අනාගත මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය තහවුරු කර ගනිමින් පාලන කටයුතු මෙහෙය වීමටයි සුදානම් වන්නේ.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සියලූ පළාත් පාලන ආයතන පොදුජන පෙරමුණ ජය ලබද්දී මාවනැල්ල පමණක් ඡන්ද 830 කින් පොදුජන පෙරමුණ පරාජය වුයේ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද යම් යම් වංචනික ජන්ද නිතී කැඩිම් යනාදිය නිසා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Shiran Viraj

බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයි

Shiran Viraj

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj