April 2, 2026
NewsPolitical

සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්

තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවාග ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම මේ වනවිට ද සිදු වෙමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ඊට පළමුව අත්සන් තබා ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වායි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය තනි ආණ්ඩුවක් බිහි කළහොත් එහි අග‍්‍රාමාත්‍ය ධුරය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට හිමිවනු ඇති බවටයි වාර්තා පළ වුණේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම සාකච්ඡාවලට එක්වන්නේ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා හා සුසිල් පේ‍්‍රමජයන්ත යන අමාත්‍යවරුන්. කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා මීට පෙර එක් නොවූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද දැන් එක්ව සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඔහු අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නම් කිරීම ඊට හේතුවයි.
වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දරණ ස්ථාවරය පිළිබඳ මෙම සාකච්ඡාවල දී වැඩි වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දී ඇත්තේ අමාත්‍ය ධුර භාරගෙන ආණ්ඩුවට සම්බන්ධ වන ලෙසයි.
කොන්දේසි විරහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවකට සහය දැක්වීමටයි ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත්තේ. එහෙත් එම ස්ථාවරයෙන් මිදී ආණ්ඩුවේ වගකීම් ද භාරගෙන නම්‍යශීලිව කටයුතු කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධ විපක්ෂයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
මෙම හමුවේ දී ඉදිරියේ දී බිහි කරන ආණ්ඩුවේ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව චමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට කථානායක ධුරයත්, බන්දුල ගුණවර්ධන ට මුදල් අමාත්‍ය ධුරයත් පිරිනැමීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි ගාස්තු 22%කින් ඉහලට…?

Shiran Viraj

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට

Shiran Viraj

පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…

Shiran Viraj