April 2, 2026
Local NewsNews

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාල

ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි.
හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ නැවත යමින් සිටි පිරිසක් රැගෙන ධාවනය කරමින් තිබූ ජීප් රථයක් අද (25) දින දහවල් 11.45 ට පමණ මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ සමන් දේවාලය අසල පිහිටි යුද හමුදා මුරපොළ ආසන්නයෙන්  අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන්ගත් ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු දෙදෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
අනතුර වන අවස්ථාවේ ජීප් රථයේ සිව් දෙනෙක් ගමන්කර ඇත.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම ජීප් රථය පෙරළී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

Shiran Viraj

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

Shiran Viraj

කොළඹ අවට 130ක් අතුරුදන්

Shiran Viraj