February 2, 2026
NewsPolitical

මෛත්‍රිව හමුවෙන්නැයි කළ ඉල්ලීමට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ගොඩනැගීමට අමාත්‍ය එස්. බී. දිසානායක උත්සහයක් දරා තිබෙනවා.
නමුත් එම දැරූ උත්සහය ව්‍යාර්ථ වී ඇති බවයි වාර්තා වුණේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කරන ලෙස අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
එහි අරමුණ වී ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීමට ඇති සූදානම පිළිබඳ සාකච්ඡා කිරීමයි.
එහිදී අමාත්‍යධූර සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් මතු වන්නේ නම් ඊටද විසඳුම් ලබා දීමට සූදානම් බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.
එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය එස්. බී. දිසානායක අමාත්‍යවරයාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ

Shiran Viraj

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Shiran Viraj

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

Shiran Viraj