30 C
Colombo
June 15, 2026
NewsPolitical

මම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)

තමා එජාපයෙන් එළියට බැස්සේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් වසර ගණනක් වෙහෙස වී සැකසූ ජනාධිපති මැතිවරණයකට මුහුණදීමේ යාන්ත්‍රණය ඕෆ් කර බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් ප්‍රකාශකර සිටියේ රවී කරුණානායක මහතා එජාප හිටපු නායකයින් යළි පක්ෂයට එක්කර ගැනීමට වහාම කටයුතු කල යුතු බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.
එම කාලයේදී ඡන්ද පොළවල් දොලොස්දහසක් සක්‍රියව තබා ගැනීමට ඒවා මෙහෙයවීමේ ප්‍රධානීන් පත්කර තිබූ බවද ඔහු කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
රනිල්ට එරෙහි විරෝධය සලකා බැලිය යුතුයි !
‍මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායකයාට එරෙහිව බිම් මට්ටමින් නැගෙන විරෝධතාව පිළිබඳව යලි සලකා බැලිය යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පසුගියදා මහනුවර ප්‍රදේශයේ ගැටුම් සිදුවූ ප්‍රදේශවල සංචාරයකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව සදහන් කළේය.
මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ දිනෙන් දින එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඈත්වෙමින් පවතින පක්ෂයක් බවට පත්ව ඇති බවයි.
මේ අතර තිස්ස අත්තනායක මහතා මහතා නැවත එක්සත් ජාතික පක්ෂයට එක්කර ගතයුතු බව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Shiran Viraj

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

Shiran Viraj

නව ලිංගික අධ්‍යාපන විෂය මාලාවෙන් සංස්කෘතික වටිනාකම් විනාශ වන බවට කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj