February 2, 2026
Local NewsNews

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා.
එහිදි ඇය කියා සිටියේ ,
“මගේ මහත්තයාගේ කාර්යාලයේ තිබිලා පොලිසිය හොයාගත්තේ දහම් පාසල් දරුවන්ට දෙන්න තිබුණු රචනා පොත් වගයකුයි, තව රචනා තරගයකින් ජය ලබපු දරුවන්ට දෙන්න තිබූ පොත්පත් වගයක්‌. මෙන්න මේවාට තමයි පොලිසිය පෙට්‍රල් බෝම්බ හොයා ගත්තා කියලා මහලොකු ප්‍රචාරයක්‌ ඇරියේ දැන් මගේ මහත්තයා රිමාන්ඩ් කළා. මගේ මහත්තයාව බොරුවට අත්අඩංගුවට ගත්තු පොලිසියේ අයට කවදාහරි දිට්‌ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවා”
මේක පොලිසිය තනිකරම ටෙලි නාට්‍යයක්‌ කළේ. මගේ මහත්තයාගේ කාර්යාලය මහනුවර කුණ්‌ඩසාලේ තට්‌ටු 4 ක ගොඩනැඟිල්ලක තියෙන්නේ. ඒකේ කොටසක්‌ නැති බැරි අයට ස්‌වයං රැකියා කරගෙන යන්න ඉඩකඩ සලස්‌සලයි තියෙන්නේ. දැන් පොලිසිය මගේ මහත්තයාගේ කාර්යාලයේ පෙට්‍රල් බෝම්බ කියල හොයාගෙන තියෙන්නේ මේ දරුවන්ට දෙන්න තියාගෙන හිටපු පොත්පත් ඊට අමතරව මෙයාගේ උප්පැන්න සහතික, වාහන බලපත්‍රය, ගෑස්‌ සිලින්ඩරයක්‌ තව පරණ පත්තර වගේ දේවල්.
මේ බොරුව ගැනත් මම පොලිසියට එරෙහිව මානවහිමිකම් සභාවේ පැමිණිලි කළා. ඉදිරියේදී මම නීතිඥවරුන් හරහා මේ පොලිසියේ බොරුව ගැන අධිකරණයට දැනුම් දෙන්න කටයුතු කරනවා.
මගේ මහත්තයා සිංහල මුස්‌ලිම් මිනිස්‌සු අවුලවන කිසි දෙයක්‌ කරලා නැහැ. එයා මහනුවර ළමයි හතර පස්‌දෙනා ඉන්න පවුල්වලට ස්‌වයං රැකියා කරන්න අවස්‌ථාව උදාකර දුන්නා. ඒ වගේම දුප්පත් පවුල්වල දරුවන්ට පොත්පත් අධ්‍යාපනික උපකරණ නොමිලේම දුන්නා. තව පදවි ශ්‍රී පුර ප්‍රදේයේ දුප්පත් මිනිසුන්ට වැසිකිළි පද්ධති හදලා දුන්නා. මේ වගේ සමාජ මෙහෙවරක නිරතවෙලා හිටපු කෙනෙක්‌ තමයි මගේ මහත්තයා” යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මැතිවරණ බෑ..අයියෝ..අම්මෝ..එපා-අරලිය මැදුරේ ඉලවු වලං තියති..

Shiran Viraj

කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..

Shiran Viraj

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

Shiran Viraj