July 7, 2026
NewsPolitical

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් 35ක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා තවදුරටත් අත්සන් ලැබෙමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා පැවසුවේ ඊයේ (18) රාත්‍රිය වනවිට අත්සන් 35කට වැඩි ගණනක් ඊට ඇතුළත්ව තිබූ බවයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් මේ සතිය තුල විශ්වාසභංග යෝජනාවට අත්සන් කරනු ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
කණ්ඩායම් 3ක් වශයෙන් විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබෙන බවත් පසුව ඒවා එක් යෝජනාවක් ලෙස කතානායකවරයාට භාර දෙන බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදුවන බැවින් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවකින් පලක් නොවන බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට කරුණු 14ක් ඇතුළත්. බැඳුම්කර වංචාවක් සිදු කිරීමේ කූඨ අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කර තමන් යටතට පවරා ගැනීම එහි එක් චෝදනාවක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.

Shiran Viraj

චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.

Shiran Viraj

ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..

Shiran Viraj