32.2 C
Colombo
March 30, 2026
NewsPolitical

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇති බව වාර්තා වී ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගියදා කථානායක කරූ ජයසූරිය මහතාට භාර දෙනු ලැබුවේය.ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය ලබන  04 වන දින පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

Shiran Viraj

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj

විදුලි බිල වැඩි කිරීමේ උත්සාහය ජනවරම පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

Shiran Viraj