29.6 C
Colombo
May 21, 2026
Local NewsNews

මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයි

ප්‍රවීණ නවකතා රචකයෙකු සහ කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත විය.
කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට හැට හයවන වියේ පසුවිය.
අසුව දශකයේ මුල් භාගයේ යොවුන් මාධ්‍යවේදියකු ලෙස දිවයින පුවත්පත හා සම්බන්ධ වූ ඔහු ඉන් විශ්‍රාම යන විට එහි විශේෂාංග කර්තෘ පදවිය හෙබවීය.
ඔහු විසින් ලියන ලද නවකතා අතිශය ජනප්‍රියත්වයට පත්වු අතර ඒවායෙන් පුද්ගල මනෝභාවයන් සේම සමාජ විවරණයන්ද සියුම් අයුරින් ඉදිරිපත් වු බව විචාරකයන්ගේ පොදු අදහස විය.
දේහය දැනට රාගම කුරුකුලාව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සිදු කිරීමට නියමිතය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

Shiran Viraj

ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj