32.2 C
Colombo
March 30, 2026
Local NewsNews

වර්ජන නිසා සරසවි වරමත් කල්යයි

අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් හැට දහසක්‌ පරීක්‍ෂා කිරීමට නොහැකිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගොඩ ගැසී ඇති බව වාර්තාවේ.
පසුගිය වසරේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවෝ හැත්තෑ දහසක්‌ පමණ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කර තිබූ අතර අනධ්‍යයන සේවක වැඩ වර්ජනය ආරම්භ වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී තිබූ එම අයදුම්පත් පරික්‍ෂා කිරීම ආරම්භ කර දින කිහිපයකිනි.
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම Z ලකුණු අගය ලබන මැයි මස අවසානයේදී නිකුත් කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබූ අතර වැඩ වර්ජනය හේතුවෙන් අවම Z ලකුණු අගය නිකුත් කිරීම කල් යනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
අනධ්‍යයන සේවක වැඩවර්ජනය ආරම්භ කර අදට (28 වැනිදා) මාසයක්‌ ගතව ඇති අතර මේ දක්‌වා ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලැබී නැත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

Shiran Viraj

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Shiran Viraj

ලිංගික අධ්‍යාපනය පාසල් විෂයමාලාවට…- අධ්‍යාපන ඇමති

Shiran Viraj