32.2 C
Colombo
March 30, 2026
Local NewsNews

පාස්කු ඉරිදා අදයි

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කුව ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා.
වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසි පත් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි පුරාවෘත්තයේ සඳහන් වන්නේ.
මේ අතර, පාස්කු සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ අලූත් හෙටක් දකින්නටත් මනුෂ්‍යත්වය පිළිබදව අලූතින් සිතන්නටත් මෙවර පාස්කුවේදී සියලූදෙනා අදිටන් කර ගත යුතු බවයි.
ලෝකය වඩා යහපත් වූත්, සුන්දරවූත් කෙම්බිමක් වනුයේ ආදරය ගලා යන අනේ‍යා්න්‍ය බැදීම් සහ ගෞරවය සහිත මිනිසුන් අතරේ බවයි ජනාධිපතිවරයා එමඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ.
ජාති, ආගම්, කුල, පක්ෂ, පන්ති ලෙසින් පිල් බෙදී ඇණ කොටා ගැනීම වෙනුවට ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත් වන්නට අදිටන් කර ගත යුතු බව පාස්කු සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සහෝදර කිතුනු ජනතාවට අර්ථ පූර්ණ පාස්කු මංගල්‍යයක් වේවායි, සුබ පැතුම් එක් කරන බව එහි තවදුරටත් සඳහන්.

(under the courtesy of hirunews.lk news web)

Related posts

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයි

Shiran Viraj

මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…

Shiran Viraj