32.2 C
Colombo
March 30, 2026
International NewsNews

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි.
එම ඒජන්සිය සඳහන් කළේ, අඩි 40 ක දිගකි යුත් දිව්‍ය මාලිඟය හෙවත් ටියැංගොන්- 1 නම් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් දකුණු පැසිෆික් කලාපය ඉහළින් පෘථිවි අවකාශයට ඇතුළු වූ බවයි.
2016 වසරේ මාර්තු මාසයේදී ටියැංගොන් – 1 අක්‍රිය වූ අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය ටියැංගොන් – 1 නැමති සිය දෙවන අභ්‍යවකාශ විද්‍යාගාරය පිහිටුවීය.
ටියැංගොන් – 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර ඉන් 5 වසරකට පසු එහි මෙහෙයුම් නිමා විය.
2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් – 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

Shiran Viraj

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…

Shiran Viraj

ආණ්ඩුවෙන් ඉවත් වීමට දෙවරක් සිතන්නෑ.. විමල්ගේ යෝජනාවට මා එකගයි..- තොණ්ඩමන් මාධ්‍ය හමුවක….

Shiran Viraj