February 2, 2026
NewsPolitical

ජනපති නිල නිවසට අගමැතිවරයා නැවත‍ත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා.
අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිල නිවස වෙත පැමිණි බව සඳහන්.
කෙසේ වෙතත් මේවන විට කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉහළ පෙලේ තවත් සාකච්ජා කිහිපයක් ඊයේ (02) රාත‍්‍රී පැවැත් වුණා. අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතරයි ඉන් එක් සාකච්ජාවක් පැවැත්වුණේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති

Shiran Viraj

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Shiran Viraj

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj