January 26, 2026
NewsPolitical

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයි

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා එතුමාගේ ජන්ම දිනට සුබපැතීම සඳහා එක්වී තිබේ.
අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඒ මහතා වෙත නිදුක් නිරෝගි සුවය ප‍්‍රාර්ථනා කළේය.
එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත‍්‍රා පීරිස් මහත්මිය සමඟ එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිවරයා එක්විය.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.
යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා අතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙත පිළිගැන්විණි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

Shiran Viraj

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Shiran Viraj

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

Shiran Viraj