28 C
Colombo
June 3, 2025
Local News News

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයක

අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථ වාහන 70කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් විවිධ කාර්මික දෝෂවලට ලක්ව එම මාර්ගයේ ස්ථාන කිහිපයක නවතා දමා ඇති බවයි.
මෙම කාර්මික දෝෂවලට ලක්වන රථ වාහන ඉවත් කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් කටයුතු කළ ද මෙම රථ වාහන අධිවේගි මාර්ගවලට ඇතුළත් කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව එස්.ඕපනායක මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj

පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!

Shiran Viraj