29.5 C
Colombo
April 2, 2026
Local NewsNews

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයක

අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථ වාහන 70කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් විවිධ කාර්මික දෝෂවලට ලක්ව එම මාර්ගයේ ස්ථාන කිහිපයක නවතා දමා ඇති බවයි.
මෙම කාර්මික දෝෂවලට ලක්වන රථ වාහන ඉවත් කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් කටයුතු කළ ද මෙම රථ වාහන අධිවේගි මාර්ගවලට ඇතුළත් කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව එස්.ඕපනායක මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

Shiran Viraj

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

Shiran Viraj

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

Shiran Viraj