January 26, 2026
NewsPolitical

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ ප්‍රමාද දෝෂයක් පවතින හෙයින් පාර්ලිමේන්තු සැසිය නැවතත් කැඳවීම සඳහා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුව තිබේ.
පාර්ලිමේන්තු සැසිය නැවත මැයි මස 08 දා කැඳවීමට දින නියම කර තිබුණත් එහි වේලාව සටහන් නොවීම හේතුවෙන් මෙසේ නව ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව ඇත.
පසුගිය 12 දා ජනපතිවරයා පාර්ලිමේන්තු සැසිය කල් දැමීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කළේය.
අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සිදුවන්නේ සිරිසේන මහතා සිය එංගලන්ත සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු බවද පැවසේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..

Shiran Viraj

බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වර

Shiran Viraj

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Shiran Viraj