26.9 C
Colombo
July 27, 2025
NewsSportsSports News

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ (19 වැනිදා) පැවැති තරගය ලකුණු 15 කින් ජයගැනීමට කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 93 ක් රැස්කිරීමට සමත්විය.

සෙමින් සෙමින් සිය ඉනිම ඇරඹු ක්‍රිස් ගේල් කිංග්ස් XI පන්ජාබ් ඉනිම අවසන් වනවිට පන්දු 63 කදී හයේ පහර 11 ක් සහ එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත්විය. ක්‍රිස් ගේල් විසින් අද ලබාගත් ශතකය අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ ඔහු විසින් ලබාගත් 6 වැනි ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලිම්සන් සහ මනීෂ් පාණ්ඩේ අර්ධ ශතක රැස් කළේය.

පන්දු 41 කට මුහුණදුන් කේන් විලියම්සන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළ අතර මනීෂ් පාණ්ඬේ ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 42 කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් ලබාගත්තේය.

මෙවර තරගාවලියේදී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායමක් විසින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ පළමු අවස්ථාව විය.

ගේල්ගේ ඉනිම ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

(under the courtesy of hirunews.lk news web)

Related posts

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj

“එංගලන්තයේ හෝඩී පොතට සිංහල අපේ ජන කතාවක් දාලා” ලංකාවට අගයක් නැති සිංහල ජනකතා සාහිත්‍ය ලොවම ජය ගනි!

Shiran Viraj

අලුත් ගමක් අලුත් රටක්

Shiran Viraj