February 1, 2026
Local NewsNews

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මේ වනවිට  පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පවතින ක‍්‍රමය වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකායට වෙන්කර ඇති ප‍්‍රතිපාදන ලබා ගැනීමේදී ඒ සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අනුමැතියක් ලබා ගත යුතු වීමයි. ඒ සඳහා ඉල්ලිම කළ යුතු වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකාය් අණදෙන නිලධාරීවරයා විසින්.

නව සංශෝධනයට අනුව අවශ්‍ය ප‍්‍රතිපාදන පොලිස් දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීමටයි යෝජනා වී ඇත්තේ. කෙසේවෙතත් මෙම ක‍්‍රමවේදය හේතුවෙන් ඉදිරියේදී ගැටලූ රැසක් ඇතිවිය හැකි බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව හරහා ප‍්‍රතිපාදන ලබා ගැනීමේදී සිදුවිය හැකි ප‍්‍රමාදයන් ඊට හේතුවයි.

සෑම අයවැයකින්ම පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන වෙන් කෙරෙනවා. මෙවර අයවැයෙන් රුපියල් මිලියන 54ක් වෙන් කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහ වැසි මැද විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

Shiran Viraj

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි

Shiran Viraj