February 2, 2026
Local NewsNews

ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.
අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා සදහන් කළේ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමෙන් අනතුරුව අමාත්‍යාංශය දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් ලැබූ බවයි.
මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි.
කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගත් අතර එය මේ වන විට සකස් කර අවසන් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මිල සූත්‍රය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව සඳහන්ය.
ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලෙහි ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයි

Shiran Viraj

හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..

Shiran Viraj

වාහන මිල පහල බසී…

Shiran Viraj