28 C
Colombo
June 3, 2025
Local News News

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 14ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 හැවිරිදි සහ 37 හැවිරිදි දමන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (24) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..

Shiran Viraj

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Shiran Viraj

ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..

Shiran Viraj