April 9, 2026
International NewsNews

ඉදිකටු තුඩින් මතුවූ 40 වසරක් සැගව සිටි අපරාධකරු

1970 සිට 1980 අතර කාල සීමාව තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ මිනීමැරුම් 12 ක් හා ස්ත්‍රී දුෂණ 50 කට අධික සිද්ධීන් සංඛ්‍යාවකට අවශ්‍යව සිටිය “ගෝල්ඩන් ස්ටේට් කිලර්” නමින් හැදින්වූ අපරාධකරුව වසර 40 කට පසුව අත්අඩංගුවට ගැනීමට එෆ්බිඅයි සංවිධානයට හැකිවූ බව ඔවුන් නිවේදනය කළා.

ජෝසෆ් ජේම්ස් ඩි ඇන්ගෙලෝ (72) නම් මෙම සැකකරු කැලිෆෝනියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි නිළධාරියෙක් බවට හදුනාගෙන තිබෙනවා.

අපරාධකරුගේ නිවසින් ඉවතලන ලද අපද්‍රවය තුල තිබු බෙහෙත් විදීමට භාවිතා කරන එන්නත් කටුවක් හරහා සොයා ගනු ලැබූ DNA නියැදියක් මගින් සිදුකල පරීක්ෂණයක් තුලින් මෙම ඝාතනයන් හා දුෂණයන් සම්බන්ධයෙන් මෙතෙක් කල් සොයමින් සිටි අපරාධකරු මොහු බවට හදුනා ගැනීමට පරීක්ෂකයින්ට හැකිවී තිබෙනවා.

සිදුවූ අපරාධ සම්බන්ධයෙන් එක්රැස් කර තිබු DNA නියදින් සමග අපරාධකරුගේ DNA වාර්තා සමවිමෙන් අනතුරුව ඔහු වටා නොදැනෙන්න පොලිස් කණ්ඩායමක් දිවා රෑ නොතකා රැක සිට ඇති අතර අවසානයේදී ඔහු නිවසින් පිටතට පැමිණෙනවාත් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විමර්ශකයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙම අපරාධයන් සිදුවී වසර 40 ක් ඉක්මවා ගියත් තම සංවිධානය නියම අපරාධකරුවන් සොයා සිදුකරන පරික්ෂණයන් අත්නොහරින බවයි එෆ්බිඅයි සංවිධානය පවසන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Shiran Viraj

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Shiran Viraj