January 28, 2026
BusinessBusiness NewsNews

“දැනට ලොකු බලපෑමක් නෑ” සතිපතා ආනයනය කරන භාණ්ඩවල මිළ ඉහල යා හැකියි

වාර්තාගත ලෙස අවප‍්‍රමාණය වී ඇති රුපියලේ අගය යළි ප‍්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ආර්ථික විෂ්ලේශකයින් පෙන්වා දෙනවා. ඔවුන් කියා සිටියේ දැන් හෝ ඒ සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

රුපියලේ අගය මෙලෙස වාර්තාගත ලෙස අවප‍්‍රමාණය වීමට බලපෑ හේතු කවරේදැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන අලූත්ගේ ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

රුපියලේ අගය අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ගෙන්වන භාණ්ඩවල මිලට ද බලපෑම් එල්ල කරනවා. පවතින තත්ත්වය අත්‍යවශ්‍ය ආහාර ආනයනයට කෙසේ බලපානු ඇත්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු කියා සිටියේ දැනට ආහාර සම්බන්ධයෙන් තර්ජනාත්මක බලපෑමක් එල්ල නොවනු ඇති බවයි.

කෙසේ වෙතත් සතිපතා ආනයනය කරන ආහාරවල මිල 2%න් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද මෙහිදී ඔහු කියා සිටියා.

සීනි, සහල්, අල, බී ලූණු, වියළි මිරිස්, සැමන් සහ සුදු ලූණු මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා සතිපතා ආනයනය කෙරෙනවා. මෙම භාණ්ඩ මෙරටට ගෙන්වීම සඳහා ශ‍්‍රී ලංකාව සතියකට වැය කරන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 15ක්.

මෙවැනි තත්වයක් තුළ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළයාම රුපියලේ අගය මත තීරණය වීම වැළැක්විය නොහැකි බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු කියා සිටියේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉතිහාසයේ ශී‍්‍ර ලංකාවට ගෙවීමට සිදුවූ ඉහළම රුපියලේ අගය ඊයේ (25) වාර්තා වුණා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 159යි ශත 04ක් ලෙයසි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

උනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ..

Shiran Viraj

බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..

Shiran Viraj

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Shiran Viraj