April 10, 2026
International NewsNews

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය නායකයන්ගේ ඓතිහාසික හමුව සම්බන්ධයෙන් ලෝක නායකයන් මේ වනවිට ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් එලෙස ප‍්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ සිදුවෙමින් පවතින්නේ යහපත් දෙයක් බවයි. එහෙත් සියල්ල කාලය විසින් තීන්දු කරනු ඇති බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයන්ගේ ඓතිහාසික හමුව කොරියානු අර්ධද්වීපයේ දිගුකාලීන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි චීනය ප‍්‍රකාශ කර ඇත්තේ. ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද නායක දෙපළගේ හමුව සුබවාදී පියවරක් බව ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj

ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..

Shiran Viraj

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

Shiran Viraj