September 16, 2025
International NewsNews

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය නායකයන්ගේ ඓතිහාසික හමුව සම්බන්ධයෙන් ලෝක නායකයන් මේ වනවිට ප‍්‍රතිචාර දක්වමින් සිටිනවා. අමෙරිකාව, චීනය, ජපානය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් එලෙස ප‍්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ සිදුවෙමින් පවතින්නේ යහපත් දෙයක් බවයි. එහෙත් සියල්ල කාලය විසින් තීන්දු කරනු ඇති බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයන්ගේ ඓතිහාසික හමුව කොරියානු අර්ධද්වීපයේ දිගුකාලීන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි චීනය ප‍්‍රකාශ කර ඇත්තේ. ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද නායක දෙපළගේ හමුව සුබවාදී පියවරක් බව ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Shiran Viraj

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

Shiran Viraj

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Shiran Viraj