February 1, 2026
Local NewsNews

කොටින්ගේ රත්තරං සොයන්න ගිය 8ක් අධි තාක්ෂණ උපකරණත් සමග අත්අඩංගුවට

එල් ටි ටි සංවිධානය අවසන් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍ර දෙකක් ප්‍රවාහනය කළ සැකකරුවන් අට දෙනෙකු අද (28) අලුයම වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා. වවුනියාව පොලිසිය පැවසූවේ පොලිසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ සැකකරුවන් සමඟ ස්කෑනර් යන්ත්‍ර දෙකද අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සාමාජිකයෙකු සිටින බවද පොලිසිය සදහන් කළ අතර, සැකකරුවන් අදාළ ස්කෑනර් යන්ත්‍ර යොදාගෙන පොළොව යට පවතින ලෝහ සම්බන්ධයෙන් සොයා බැලීමට සුදානම් කොට ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත. අදාළ යන්ත්‍රය ‍රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වන බවද පොලිසිය සදහන් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා උපකරණ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.

Shiran Viraj

ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්

Shiran Viraj

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතිය

Shiran Viraj