February 1, 2026
Local NewsNews

මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේ

මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු මතට පොල් ගසක් කඩා වැටී තිබෙනවා.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 14ක් වූ දරුවා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ සවස 3.00ට පමණ නිට්ටඹුව පොලිස් වසමේදී මෙම දරුවා සිය බාල සහෝදරයාගේ ශිෂ්‍යත්ව පංති අවසන්ව ඔහුව නිවසට කැඳවාගෙන ඒම සඳහා  අලවල කණිෂ්ඨ විද්‍යාලය වෙත යමින් සිටියදී පාසල අසළදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
ඔහු මායාදුන්නේගේ දුලාන් සෙනිදු නම් හැපනාකන්ද අලවල ප්‍රදේශයේම පදිංචි දරුවෙක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…

Shiran Viraj

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Shiran Viraj

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj