April 9, 2026
SportsSports News

ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්?චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළා යැයි චෝදනා එල්ලවූ දිනේෂ් චන්දිමාල් එම සිද්ධියට වැරදිකරු බව ඊයේ (19) ඔප්පු වුණා.

ඒ අනුව ඔහුට එක් ටෙස්ට් තරඟ තහනමක් හා මුළු තරඟ මුදලම කපා හැරීමටත් ICCය විසින් තීරණය කළා.චෝදනාව පිළිබඳ චන්දිමාල්ගෙන් විමසීමේදී “තමන් කිසිවක් කටේ දමාගත් බව පිළිගත්තත් එහෙත් ඒ කවරක් දැයි මතක නැති බව” සඳහන් කළ බව තීරක ජවගාල ශ්‍රීනාත් සඳහන් කර තිබුණා.

පන්දුව පලුදු කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කරන අතර, තීන්දුවට එරෙහිව පැය 48ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබෙනවා.

මේ අතර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළා යැයි චෝදනාවට ශ්‍රී ලංකා පුහුනුකරු චන්දික හතුරුසිංහ, කළමණාකාරු අසංක ගුරුසිංහ හා දිනේෂ් චන්දිමාල්ට තවත් එක් ටෙස්ට් තරඟයක් හෝ කිහිපයක් අහිමිවිය හැකි බවටත් තොරතුරු වාර්තා වනවා.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව එල්ලවූ දිනයේ පැය දෙකක පමණ කාලයක් ක්‍රීඩා පිටියට නොපැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත හැකි බවටයි වාර්තාවන්නේ

Related posts

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj

රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සාග් රන් පදක්කම අභියස

Shiran Viraj