33.4 C
Colombo
April 10, 2026
NewsPolitical

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක්ලක්‍ෂ හැටදාහක ජන සන්නිපාතයක් කොළඹ බලා මහ පාරේ..

අද කොළඹදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය සදහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක් ලක්‍ෂ හැට දහසක පමණ පිරිසක් කොළඹ බලා ගමන් කරමින් සිටින බව ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙක් සදහන් කලේය.

මෙම පිරිස බස් රථවලින් පුද්ගලික වාහනවලින් මෙන්ම සාමාන්‍ය මගී ප‍්‍රවාහන බස් රථවලින් කොළඹ බලා ගමන් කරමින් සිටින්නේ යයිද ඔහු පැවසීය.

තම ආසන සංවිධායකවරුන් හරහා කර ඇති ගණනය කිරීම් මත මෙම තොරතුරු තහවුරු කර ඇතැයිද ප‍්‍රකාශකයා කීය.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්යන්හි ගණනය කිරීම් මේ වන තෙක් අවසන් වී නැති නිසා දැනට ලබා දිය හැකි තොරතුරු මෙපමණකැයිද ඔහු පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්කවලින් මෙම ප‍්‍රමාණය මෙන් දෙගුණයක පමණ පිරිසක් සහභාගී වනු ඇති බවට විශ්වාස යයිද ඔහු වැඩි දුරටත් අප වෙත කියා සිටියේය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයට

Shiran Viraj

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj

දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…

Shiran Viraj