February 1, 2026
Local NewsNews

කුඩු සුද්දී නිසා පොලිසියේ තිදෙනෙකුට වැඩ තහනම්

ගාල්ල හික්කකඩුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාම හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා හික්කඩුව ප්‍රදේශයේදී “කුඩු සුද්දී” යන අනවර්ථ නාමයෙන් හදුන්වනු ලබන 40 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 1.6 ක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව හික්කඩුව පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව හොර රහසේම පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව සදහන්.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියට අනියුක්තව රාජකාරි කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

අත්අඩංගුවෙන් මිදී පළා ගිය සැකකාරිය සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්…

Shiran Viraj

යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමති

Shiran Viraj

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj