February 1, 2026
Local NewsNews

ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්

වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබෙනවා.

ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති බවයි වව්නියාව ආරක්ෂක අංශ පවසන්නේ.

වව්නියාව ආරක්ෂක අංශ වැඩි දුරටත් පැවසුවේ වව්නියාව කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදී ස්ථානවල අදාළ අත්පත්‍රිකා දමා ගොස් තිබූ බවයි.

මුහුණ වසා ගනිමින් පිහියක් අතින් ගත් පුද්ගලයෙකුගේ රුව ඇතිව ‘ආවා’ නමින් සඳහන් ඡායාරූපයකින් යුතුව අදාළ අත්පත්‍රිකාව සකස් කොට තිබූ බවද ආරක්ෂක අංශ පැවසුවා.

“අපි ජනතාවගේ ගැටළු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා.” යනුවෙන් අදාළ අත්පත්‍රිකාවේ සඳහන්ව පවතින බවයි වාර්තා වෙන්නේ.

අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු කණ්ඩායම් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද වව්නියාව පොලිසිය පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

Shiran Viraj

ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….

Shiran Viraj

ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයි

Shiran Viraj