February 2, 2026
NewsPolitical

අද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයි

2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් නැමැති සමාගම සම්බන්ධයෙන් අධිකරනය මීට පෙර දුන් නියෝග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළා.
ඒ ඔහුට එරෙහිව ගොනු කළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (08) කැඳවන ලද අවස්ථාවේදීයි.
මෙම පරීක්ෂණවලට අදාළව මීට පෙර ලබා දූන් සියලු නියෝග තාවකාලික ලෙස අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබුණා.  කෙසේවෙතත් මෙම සම්බන්ධයෙන් ස්තීර නියෝගය ලබා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙර නියෝග බලාත්මක කරන ලෙසට නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක සැකකරුවෙකු ලෙසට නම් කර නොමැති බවත් ඉදිරි විමර්ශන අනුව ගත යුතු නීතිමය පියවර තීරණය වන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබෙනවා.
තවද රවී කරුණානායකගේ පවුලේ අයට අදාල දුරකථනය විස්තර ලබා ගැනීමටද නියෝග කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ…

Shiran Viraj

ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි…

Shiran Viraj

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

Shiran Viraj