27.4 C
Colombo
April 1, 2026
Local NewsNews

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම ප්‍රදේශයේ අවට මේ වන විට විදුලියද විසන්දි කර ඇති බව වාර්තා වෙයි.
———-
බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.
රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද(11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.
මේ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, වෙළඳ සැල ආසන්නයේ ඇති ටයර් අලෙවි කිරීමේ වෙළඳ සැලට මෙය ව්‍යාප්ත වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය.
ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයක

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj

ගෑස් මිල 300කින් ඉහලට…?

Shiran Viraj