February 2, 2026
Local NewsNews

දිරියෙන් ජයගත් පහේ හපනා

ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක විශිෂ්ට ජයක් හිමිකර ගත් සිසුවෙකු පිළිබඳව රත්නපුර නිරල්ගම ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා විය.
රත්නපුර රාජකීය විද්‍යාලයේ සිසුවෙකු ඉතිහාසයේ ලබා ගත් ඉහළම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය මෙය වීමද විශේෂත්වයකි.
ඒ රත්නපුර නිරල්ගම ප්‍රදේශයේ පදිංචි දිරියෙන් ජයගත් රුචිර ලක්ෂාන් රාමනායක නැමති පුංචි පුතාය.
රත්නපුර රාජකීය විද්‍යාලයෙන් සිය අධ්‍යාපන ජීවිතය ඇරඹු රුචිර 2වන වසරේදී පාසල් යාම තාවකාලිකව අවසන් කරන්නේ ලියුකේමියා රෝගයට ගොදුරු වීම හේතුවෙන්ය.
එතැන් පටන් මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා ඔහු නිවසේ සිට තනිව ඉගෙනීමේ කටයුතු වල නිරත වෙයි.
අවස්ථා කිහිපයකදී රුචිර පාසල වෙත ගියද රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට පංති කාමරයේ රැඳීමට අවස්ථාව හිමි වූයේ පැය දෙකක පමණ කාලයක් පමණයි.
කොතෙකුත් ශාරීරික අපහසුතා මධ්‍යයේ වුවද මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පුංචි රුචිර ලකුණු 181ක් ලබාගනිමින් ඉන් සමත් වන්නේ රත්නපුර රාජකීය විද්‍යාලයීය ඉතිසාහසයේ ශිෂ්‍යත්ව විභාගයකදී සිසුවෙකු ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමිනි.
රෝගී තත්ත්වයෙන් ඉන් පීඩා විඳින සිය පුතු ලැබූ ජයග්‍රහණය පිළිබඳව රුචිරගේ දෙමව්පියන් සතුට පළ කළත් සැබෑ සතුටක් ලැබෙන්නේ දරුවා රෝගී තත්ත්වයෙන් මුදා ගත් පසු බව ඔවුන් පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බැසිල් රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටවෙයි

Shiran Viraj

කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්

Shiran Viraj

මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…

Shiran Viraj