28 C
Colombo
June 4, 2025
Local News News

පළාත් කිහිපයකට අදත් තද වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව,සබරගමුව සහ උතුරු-මැද පාළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 කපමණ කද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේනුතව පවසයි.

වෙරළබඩ ප්‍රදෙශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල

Shiran Viraj

මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..

Shiran Viraj

ජනපති රනිල් කියුබා සුරපුරයට..

Shiran Viraj