March 31, 2026
NewsPolitical

සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිත

ජනාධිපතිවරයා විසින් පත් කර ඇති රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය බාරගැනීමට කථා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා.

“සෞඛ්‍ය අමාත්‍යධූරයට මම පත් කරන්න එපා කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාරගන්න කියලා කවුරුත් මට කථා කළේ නැහැ. මම ගන්න දේශපාලන තීන්දු ගැන ජනාධිපතිවරයා හොදට දන්නවා. මම ගන්නේ පෞද්ගලික තීන්දු නොවෙයි. මම ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා. ඇමැතිකම් තිබුනත් නැතත් ජනතාවට සේවය කරනවා.

පසුගිය වසර තුනහමාර පුරා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට දුප්පත් රෝගීන් වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අරගෙන ඒවා ක්‍රියාත්මක කළා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදිම, පිළිකා රෝගීන්ට සහන සැලසීම ඇතුලු සහන රැසක් ලබාදුන්නා. දැන් එම සහන රෝගීන්ට ලැබෙනවා ද කියලා තමයි සොයා බලන්න ඕනි. කෑ ගහලා වැඩක් නැහැ. ඖෂධ මිල අඩු කිරිම නිසා ඖෂධ සමාගම් මා සමග තරහින් ඉන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඖෂධ සමාගම් උදව් කරනවා ඇති. එම සංගමයේ සුළු පිරිසක් තමයි කෑ ගහන්නේ. තවත් සමහරු ඖෂධ සමාගම් වලින් මුදල් අරගෙන ඇති.

වෛද්‍යවරු විදිහට සෞඛ්‍ය සේවාව තුල ගත් තීන්දු තීරණ අගය කළ යුතුයි. මෙම සංගමයේ ඇතැම් වෛද්‍යවරුන් දේශපාලනය තමයි කරන්නේ. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට මම සුදානම් ව සිටියා. ඊට එරෙහිවත් සමාගම් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා. එම රෝහල් සමාගම් ද මට විරුද්ධයි. ඔවුන් ද සල්ලි දෙන්න ඇති ඇ.ති. මම කාටවත් වෛර කරන්නේ නැහැ. දුම්කොළ පාලනය කිරීම සදහා තීන්දු තීරණ රැසක් ගත්තා. එම තීන්දු තීරණ පිළිබදව වෛද්‍යවරුන් දැනගත යුතුයි. ක්‍රියා කළ යුතුයි. බොරුවට කෑ ගහලා වැඩක් නැහැ.”

– රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..

Shiran Viraj

ලෝක සාමය ගැන අගමැති ආර්යාව ලෝකයට කියා දෙයි…

Shiran Viraj

සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

Shiran Viraj