27.9 C
Colombo
July 29, 2025
International NewsNews

විවාහයට ජංගම දුරකතන තහනම් කරලා

දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට පත්වෙලා. ‘දීප්- වීර්’ හෙවත් දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ නොවැබ්බර් 14 සහ 15 දෙදින තුළදීයි. උත්සවය පැවැත්වෙන්නේ කොහේ දැයි හෙළි කර නැහැ.

රන්වීර් සහ දීපිකා දැනටමත් තීරණය කර ඇත්තේ විවාහ මංගල්‍යය අප්‍රසිද්ධව පවත්වන්නයි. සීමිත ආරාධිතයන් පිරිසක් පමණක් සහභාගි කරවා ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. පෞද්ගලිකත්වය රැකෙන ලෙස චාම් අයුරින් පැවැත්වීමට නියමිත මේ විවාහ මංගල උත්සවයට සහභාගි වන කිසිවෙකුටවත් ජංගම දුරකතන රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවත් ආරංචියි.

“රන්වීර් එක්ක පෙමින් බැඳී සිටි කාලයේදීත් දීපිකා උත්සාහ කළේ ඔවුන් දෙදෙනා ගැන කිසිම මාධ්‍යයකට විස්තර නොකියා ඉන්නයි. ඒ තත්ත්වය විවාහ උත්සවයේදීත් රැක ගන්නයි දීපිකා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසයි ආරාධිතයන්ට ජංගම දුරකතන ගේන්න එපා කියල දන්වලා තියෙන්නේ” ‘දීප් – වීර්’ යුවළට සමීප අයෙකු එලෙස පැවසුවා.
(under the courtesy of hirunews.lk news web)

Related posts

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Shiran Viraj

සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයි

Shiran Viraj

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

Shiran Viraj