27.8 C
Colombo
May 24, 2026
NewsPolitical

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනි.

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප‍්‍රශ්නයක් තබා නොගන්නා ලෙසත් අවශ්‍ය විටකදී එය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී තව දුරටත් කියා තිබේ.

අවශ්‍ය නම් දුරකතනයේ ‘රිගින් ටෝන්’ එකක් ලෙසද ‘113 සම්පූර්ණයි’ ලෙස දමා ගන්නා ලෙසද ජනාධිපතිවරයා තව දුරටත් එහිදී පැවසීය.

මෙම හමුව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සහභාගී වීම විශේෂත්වයකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

“සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්” – නීතිවේදීන් නීතිය පෙන්වයි

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj