28.4 C
Colombo
March 30, 2026
Local NewsNews

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව අත්අඩංගුවට ගන්න නියෝගක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළ බව වාර්තාකරු පැවසීය.

රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව මේ වන විට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ බලය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන  සිදු කරන පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතාට පවතින බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබේ.

අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් ඔහුට එරෙහිව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 216 සහ 185 යන වගන්ති අනුව කටයුතු කරන බවට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇති බව සඳහන්ය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට අධිකරණය මගහැර සිටිමට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..

Shiran Viraj

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Shiran Viraj

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

Shiran Viraj