28.9 C
Colombo
June 9, 2025
Local News News

වැසි වතුරට ආ කිඹුලෙක් වැසියෙකුට පහරදෙන්න යද්දි ගම්වාසීන් අල්ලාගනී

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාගර් ඉලිප්පුකුලම් ගම්මානයට පැමිණි දැවන්ත කිඹුලෙකු ගම්වාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට අද (08) උදෑසන භාරදීමට පියවර ගෙන තිබුණි.

ඊයේ රාතියේ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමග අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ගම්මානයට පැමිණ ඇති අතර එහිදී මාර්ගයක ගමන් කරමින් සිටි වැසියෙකුට පහරදීමට උත්සහ කිරීමේදී එම වැසියා ඉන් බේරි අසල් වැසියන් සමග එක්ව කිඹුලා අල්ලා ඇත.

අනතුරු ඒ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව වනජීවි නිලධාරීන් විසින් කිඹුලා රැගෙන ගොස් මඩු ජලපෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු යොදන ලදි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj

මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

Shiran Viraj

තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…

Shiran Viraj