January 31, 2026
Local NewsNews

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, නීතිඥ මනෝජ් ගමගේ ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

නීතිමය තත්ත්වය ඉතාමත් පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒ පිලිබදව සදහන් වනවා. එය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් සදහන් වෙනවා. 47 (1 සහ 2) යන වගන්තියේ මේ බව සදහන්. එහි 2 වන වගන්තියේ සදහන් වනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන් මැතිවරණය අවසන් වන තෙක් සිය ධුර වල වැඩ කිරීමේ හැකියාව ඇති බව සදහන්ව තිබෙන බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී රජයේ මුද්‍රණාලය වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළා.

කැබිනට් මණ්ඩලය පමණක් සිටිනවා. නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ තනතරු අහෝසි වනවා. ජනතාවට පොරොන්දුවූ සහන ඒ ආකාරයෙන්ම ලබා දෙන බවයි මෙහිදී කියා සිටියේ

(under the courtesy of nethnews.lk news web)

Related posts

අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්න

Shiran Viraj

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

Shiran Viraj

අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

Shiran Viraj