April 4, 2026
NewsPolitical

රනිල් තනිවෙයි..එජාපයෙන් පලුවක් ගැලවෙයි.”දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් අලුත් පක්ෂයක්

එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වර්තමානයේදී ජනතාවගෙන් ඈත් වෙමින් සිටින බව පවසමින් එම පක්ෂයේම පිරිසක් එයින් ඉවත් වී විකල්පයක් ලෙසට “දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇත.

නව පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේ 1994 වසරේ පටන් ව්‍යවස්ථාවේ පිහිටෙන් පක්ෂ නායකත්වය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පලවා හැරීමට හෝ ඔහුට අභියෝගයක් කිරීමටවත් කශේරුකාවක් සහිත නායකයෙකු එ.ජා.ප.යේ නොමැති බව ඉකුත් වසර 24 පුරාවටම ප්‍රත්‍යක්ෂ වූ බවයි.

මෙවැනි පසුබිමක අපේක්ෂාභංගත්වයට පත්වූ ලක්ෂ සංඛ්‍යාත එ.ජා.පාක්ෂිකයන්ට නායකත්වය ලබා දීම නව පක්ෂයේ ප්‍රධාන අරමුණ බවයි.

එජාපය අතහැර නොයන එක්සත් ජාතික පාක්ෂිකයන් නව පක්ෂයේ නායකත්වය වන අතර ඔවුන්ගේ හඬ පක්ෂයේ හඬ බවද ‍ලේකම්වරයා අවධාරණය කළේය. දශක 2 1/2ක් තිස්සේ පක්ෂය විසින් පාක්ෂිකයන්ගේ හඬ යටපත් කරගෙන සිටි බවද ඔහු පෙන්නා දුන්නේය.

රට දැය සුරකින රට නොරටුන්ට නොවිකුණන, ජාතික සමගියට කැපවන ජයග්‍රහණයේ කඳවුර ගොඩනැගීමට දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙසටද පාක්ෂිකයන්ගෙන් ඔහු ඉල්ලීමක්ද කළේය.
lanka lead news

Related posts

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj

සමාජ මාධ්‍ය හරහා සිදුවන මූල්‍ය වංචා පිළිබඳව පොලිසියෙන් විශේෂ මහජන දැනුවත් කිරීමක්

Shiran Viraj