28 C
Colombo
June 3, 2025
News Political

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

රටේ ජාතික දේශපාලනය තුල විවිධ ගැටුම් මතුවන පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ බල අරගලය තවත් උග්‍ර තත්වයකට පැමිණ ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තරුණ නායකත්වයක් සමඟ නව ගමනකට බහුතර පාක්ෂිකයින් පිරිසක් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් මේ වනවිට සුදානම් වන බවත් එහිදී වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරවනීය තනතුරක් ලබාදී ඔහුගේ දැනුම හා පරිනතබවද ලබාගෙන ජයග්‍රාහි ගමනක් යාම එහි අරමුණ බවත් සඳහන් වේ.නමුත් මේ සඳහා එක්සත් ජාතික පක්ෂයට පිටින් පැන 2020 ජනාධිපති සිහින දකින සමහර නායකයින් සමඟ රනිල්ගේ ගජමිතුරු සමනල් හවුල දැඩි විරෝධතාවය දක්වමින් සිටින බවද වාර්තා වෙයි.
thetruth

Related posts

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

Shiran Viraj

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

නිශාන්ත සිල්වා රටින් පනින බව, මුළු සීඅයිඩීයම කල්තියාම දැනගෙන ඉඳලා

Shiran Viraj