January 29, 2026
Local NewsNews

දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.

දඹර අමිල හිමියන්, හිටපු එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙශ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුථ 40 ක පමණ පිරිසකට මාස්පතා රු 75,000 සිට ලක්‍ෂයක් දක්වා මුදලක් පසුගිය වසර 3 තුළදී ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවා ඇතැයිද ,දඹර අමිල හිමියන්ට පමණක් මාස්පතා අලවි ප‍්‍රවර්ධන කටයුතු යටතේ රු 95,000 ක ඉන්ධන දීමනාවක් ලබාදී ඇතැයිද විශේශ ත‍්‍රීපුද්ගල මහාධිකරණය යටතේ ෙමි වන විට විභාග වෙමින් පවතින ගාමිණී සෙනරත් ඇතු`ථ විත්ති කරුවන් 4කට එරෙහි නඩුවේදී අද හෙළි විය.

එමෙන්ම රුපියල් බිලියන 6 ක් වැනි මුදලකට රජයට පවරාගත් ලිට්‍රෝ ගෑස් සමාගම 2010 සිට 2014 දක්වා ගාමිණී සෙනරත් ගේ කළමණාකාරීත්වය යටතේ උපයා ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 18.5 ක් වූ බවද 2015 සිට 2017 වන විට එය රුපියල් මිලියන 200 ක් දක්වා පහත බැස ඇති බවද මෙහිදී හෙළිවූ අතර එයට හේතව ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ආයතනය දැරූ වියදම් ඉහල යාම බවද මෙහිදී හෙළි විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත්ව සිටින ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රධාන මූල්‍ය පාලක මුදිත තමානගම යන අයගෙන් විත්තියේ නීතීඥයින් කළ හරස් ප‍්‍රශ්න කිරීම් වලදී මෙම කරුණු සනාත විය.

මෙම නඩුව විශේශ ස්තිර ත‍්‍රීපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් අබේකොන්, මහාධිකරණ විනිසුරු සම්පත් විිජේරත්න, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් හමුවේ විභාග වන අතර මෙම නඩුව නැවතත් ලබන 30 දා(හෙට* විභාගයට ගැනීමට නියමිතය.

මෙහිදී පැමිණ්ල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පෙනීසිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතීඥ අලි සබි‍්‍ර මහතා ඇතු`ථ ජ්‍යෙශ්ඨ නීතීඥයින් රුසක් සහභාගීවිය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

Shiran Viraj

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Shiran Viraj

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

Shiran Viraj