27.4 C
Colombo
April 1, 2026
Local NewsNews

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද ඇරෙයි

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ  විවෘත කිරිමට නියමිතව තිබේ.

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන් වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද දිනයේ එම අවස්ථාවට එක්විමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශයේ රන්දිවර මුදාහැරිම පසුගිය ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර එහි වාන් දොරටු විවෘත කරන පළමු අවස්ථාව මෙය වනවා.

මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි හාරලක්ෂ 60,000ක් වන අතර ඉන් කුඹුරු අක්කර 82,000ක් අස්වැද්දීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000කට පමණ දිවයර සැපයෙයි.

ඒ අනුව එම පළාත්වල අක්කර ලක්ෂ 03ත් අස්වැද්දීමට නියමිත අතර  එමගින් ලක්ෂ 15කට සෙත සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

Shiran Viraj

රිලවු ඇල්ලීම නවත්තයි.. පහසුකම් නෑ..

Shiran Viraj

පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..

Shiran Viraj